SLF e Gate සහය සේවා සම්මන්ත්‍රණය පුනි 15 වන දා,
SLF e Gate දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය යටතේ පාඨමාලාවන් හදාරණ පාඨමාලා ලාභීන් වෙනුවෙන් පැවැත්වෙන සහය සේවා සම්මන්ත්‍රණය පුනි 15 වන දින දවස පුරා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවනාගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවට මෙම ක්‍රමවේදය යටතේ පාඨමාලාවන් හදාරන පළමු කණ්ඩායමට ඇරයුම්පත් යොමුකර ඇති අතර එම පාඨමාලා ලාභීන්ගේ සහභාගිත්වය එදින පෙරවරු 9. 00ට පෙර අපේක්ෂා කරනු ලැබේ. සියළුම පාඨමාලා ලාභීන්ට ආහාර පාන හා ලිපිදුව්‍ය මෙන් ම පාඨමාලාව හදාරණ ආකාරය සම්බන්ධ ආධාරක අත්පොතක් ද ප්‍රදානය කරනු ලැබේ. මෙහි සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා පදනමේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ මැතිතුමා ඇතුළු සම්භාව්‍ය ආරාධිතයන් ද සහභාගී වීමට නියමිතය.