Terms & Conditions

01.  

පාඨමාලා ලාභියා වන ඔබ හැර වෙනත් පුද්ගලයෙකු ඔබගේ මුරපදය භාවිත කොට ඔබගේ පෞද්ගලික වෙබ් අඩවියට ඇතුලත් නොවිය යුතුය.

     
02.  

අනිවාර්යෙන්ම මාර්ගස්ථගත ගුරුවරයා සමග අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ විය යුතු අතර එකී සබඳතාව විෂයානුබද්ධ කරුණු වලට පමණක් සීමා විය යුතුය.

     
03.  

සෑම පාඩම් මාලාවකටම (ප්‍රධාන මාතෘකා) forum වෙත අලුත් යමක් ස්වයං නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළ යුතුවේ. යම් උපුටාගැනීමක් සටහන් කරන්නේ නම් එහි මූලාශ්‍රය සඳහන් කල යුතුය. එයින් බුද්ධිමය අයිතීන් උල්ලංඝනය නොවන පරිදි එය සිදුකල යුතුවේ.

     
04.  

ඉදිරිපත් කරනු ලබන සියලුම නිර්මාණ විෂයානුබද්ධ කරුණු විය යුතු අතර ඒවාට ඉදිරිපත් කරනු ලබන නිදර්ශන (ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් ඕනෑම දෙයක්) පුද්ගලයෙක්, ආයතනයක්, ජාතියක්, ආගමක් හෝ ස්ත්‍රී පුරුෂ බවක් විවේචනය කිරීමක් හෝ අපහසුතාවට පත් කිරීමක් නොවිය යුතුය.

     
05.  

ඉදිරිපත් කරනු ලබන Task තමා විසින්ම සකස් කරනු ලබන ඒවා විය යුතු අතර වෙනයම් අයගේ සහය ඒ සඳහා ලබා ගැනීමක් සිදු නොකරන බවට සහතික විය යුතුය.

     
06.  

මෙම පාඩම් මාලා තමාගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීම සඳහා ලබා දී ඇති බැවින් එම පාඩම්මාලා වෙනත් වෙබ් අඩවිවල පල කිරීම හෝ වෙන යම් ක්‍රමයකින් ජනතාව අතර ප්‍රචලිත කිරීම සපුරා තහනම් ය.

     
07.  

ඉහත දක්වා ඇති කොන්දේසි වලට ඔබ අවනත විය යුතු අතර ඒවා කඩකරන අවස්ථාවන්හි ඔබට විරුද්ධව ලංකාවේ නීති ප්‍රතිපාදන වලට අනුකූලව කටයුතු කල හැකි බවත් ඔබගේ පාඨමාලා ලාභීත්වය අවලංගු කල හැකි බවත් සැලකිය යුතුවේ.

    SLF e Gate Team
Sri Lanka Foundation